කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක් / රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

එසේම සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදු කළද ඉදිරියේදී පුද්ගල ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එනම් සාද පැවැත්වීම වෙනත් පුද්ගල ඒකාරාශීවීම්වලට ඇති සීමාවන් ලිහිල් නොකරන බවද ඇය සඳහන් කළා.

එසේම සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වනු ඇති බවද කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් කියා සිටියා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *