ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති මහතා ලංකාවට පැමිණීමට සිංගප්පූරු ගුවන්තොටුපලේ විනාඩි 90 ක්‌ බලා සිටීමට නොහැකිව ක්‌වාලාලාම්පූර් නගරයේ සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක්‌ හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්  ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ කෙරුණා.

2014 ජනවාරි 14 වැනිදා මැලේසියාවේ  සිට කොලඹ බලා පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් මෙසේ යළි හරහා සිංගප්පූරුවට ගෙන්වා ගැනීමට හිටපු සභාපතිවරයා නියෝග දුන් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් පාලන කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කොමිසම හමුවේ කියා සිටියේ.

මේ හේතුවෙන් එම යානයේ ගමන් කළ සාමාන්‍ය මගීන් 120කට හා ව්‍යාපාරික පන්තියේ මගීන් 4 දෙනකුට විශාල අවහිරයක්ද සිදුව තිබුණා.

ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට සභාපතිවරයෙක්‌ මැදිහත් වීම සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්‌ බවද ඔහු මෙහිදී සදහන් කළා.

ඉතා වැදගත් රජයේ නියෝජිත කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බව කියා එම ගුවන් යානය හරවාගෙන නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගෙන්වා ගත් නමුත් එම ගුවන් යානයේ සිංගප්පූරුවේ සිට පැමිණ ඇත්තේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා යන පිරිස පමණක් බවයි හෙළිකර ඇත්තේ.
තමාගේ දැනුම අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් ගුවන් යානයක්‌ ඉක්‌මනින් සිංගප්පූරුවට එවන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉල්ලීමක්‌ කර නොතිබූ බවද ඔහු සදහන් කළා.
කොළඹ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බස්‌වා නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගෙන්වා ගැනීමට සිදු වූ බවද ඒ සඳහා ගුවන් සමාගමට අතිරේක වියදම් දැරීමට සිදු වූ බවද සාක්ෂිකරු සදහන් කළා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :