පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය දක්වා කල් යාමේ ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගැසට් කිරීම ප්‍රමාද වීමත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන වැඩි කිරීමට සිදුවීමත් සදහා අමතර කාලයක් යෙදවීමට තීරණය කිරීමත් සමගයි මෙම තත්ත්වය මතුව ඇත්තේ. මේ අතර නාමයෝජනා බාරගෙන මැතිවරණය කල් දැමූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තුව යන ප්‍රාදේශීය සභා දෙකෙහි නාමයෝජනා අවලංගු කර මැතිවරණය නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමද මෙම තත්ත්වයට මුල්වී තිඛෙනවා.
මැතිවරණය ජනවාරි මස 20 වැනිදා පැවැත්වීමට නම් පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවට අදාළ ගැසට් නිවේදනය ඉකුත් 19 වැනිදා වනවිට විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශයට පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දන්වා තිබුණද එයද නිසි පරිදි සිදුවූයේ නැහැ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.