අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පේරාදෙණිය ගලහ මාර්ගයේ දී අමානුෂික ලෙස පහර දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දින දහයක් ගතව තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතානගේ මහතා අද ප්‍රකාශ කළා.
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පසුගිය 3 වැනි දා පේරාදෙණිය ගලහ මාර්ගයේ දී සරසවි සිසුන් පිරිසක් විසින් පහරදී තිබුණා.
ඒ ගලහ මාර්ගයේ මෝටර් රථය නැවතීමට එරෙහිවයි.
සරසවි සිසුන් විසින් එම මාර්ගය බලහත්කාරයෙන් අත්කරගෙන සිටින අතර කිසිදු පාර්ශවයකට එහි රථවාහන නැවතීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.
ඒ අනුව මෙම පහරදීමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට බරපතල තත්ත්වයෙන් යුතුවන බැවින් වෛද්‍යවරුන් පිරිසකගේ අධීක්ෂණය මතයි ප්‍රතිකාර ලබන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :