වර්ජන දිනවල වෙන්කරගත් ප්‍රවේශ පත්‍රවලට යළි මුදල්

දුම්රිය වැඩ වර්ජනය ක්‍රීයාත්මකවූ දිනවල කළින් වෙන්කරගත් දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවෙන් යළි මුදල් ලබාදීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව භාවිතා නොකළ ප්‍රවේශපත්‍ර ඉදිරිපත් කිරීමෙන් අදාළ ගාස්තු ලබාගත හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
දින 4ක කාලයක් දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මකවූ අතර එහිදී දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්වුණා.
එහිදී ප්‍රවේශ පත්‍ර වෙන්කරගෙන අපහසුතාවයන්ට පත්වූ පිරිස අතරට විදේශිකයින්ද ඇතුලත්ව සිටියා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :