සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා.
ඩිලන්ත මාලගමුව මහතා විසින් පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මතයි පර්යේෂණ ක්‍රියාත්මක වන්නේ.
අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයකුගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමකදී මේ පිළිබද කරුණු හෙළිව ඇති බවද ධාවන ශූරයා පොලිසියට දන්වා තිබෙනවා.
තේ මඩමක් සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි ප්‍රකාශවන්නේ.
ඩිලන්ත මාලගමුව මහතා විසින් මේ සම්බ්නධයෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :