වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැග උද්ඝෝෂණයේ නිරතව සිටින කාන්තා රැඳවියන්ට පිටතින් ලබාදුන් බව කියන පාර්සල් 17 ක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගෙන තිඛෙනවා.
එම වාර්තා හෙළිකරන්නේ වනාතමුල්ල සීවලී පටුමග ප්‍රදේශයේ සිට බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට මෙම පාර්සල් විසිකර ඇති බවයි.
ඒවා තුල කිරි පැකට්/ බනිස් ඇතුළු ආහාර වර්ග තිබී ඇති අතර උපවාසකරුවන්ට ලබා ගැනීමට මෙම ආහාර විසි කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කාන්තා රැදවියන් මෙම උපවාසයේ නිරත වනවා.
ඔවුන්ට මීට පෙර බන්ධනාගාරයේදී ලැබුණු වරප්‍රසාද අහිමිවීම හේතුවෙන් මෙම උපවාසය සිදුකරන බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග හෙළි කරන්නේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :