මහේන්ද්‍රන්ව මාසයකින් ලංකාවට ගේනවා / ජී එල් කියයි

ඉදිරි රජයක් යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට මසක් තුල ගෙන ඒමට පියවර ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යය ජී එල් පීරිස් මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුව තුල රැදී සිටින්නේ වත්මන් ආණ්ඩුවේ සහාය මත බවයි.
රාජ්‍යත්‍රාන්ත්‍රික ඉල්ලීමක් මගින් හිටපු මහ බැංකු අධිපතිවරයා පහසුවෙන් මෙරටට ගෙන්වා ගත හැකි බවයි ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව සිංගප්පූරුවේ සිට මහේන්ද්‍රන් මහතා වත්මන් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන බවටයි පීරිස් මහතා චෝදනා කළේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :