රට ණය බරින් මුදවීමට ආණ්ඩුවෙන් මුල්තැනක්

රටක් ලෙස ලෝකය හමුවේ නැගී සිටීම සදහා රටේ ණයගැති භාවය පහල හෙළිය යුතු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාතික රූපවාහිනියේ ඇත්ත නැත්ත වැඩසටහනේදී අදහස් දක්වමින්.
වර්තමානයේදී බදු ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල කළද එහි අරමුණ රටේ ණය බර නිදහස් කිරීම වේගවත් කිරීම බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
හම්බන්තොට වරාය අලෙවි කර ඇති බවට එල්ලවන චෝදනාවන්ද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ජේ සී අලවතුවල මහතා මෙහිදී අවධාරණය කළේ.
ලංකාව සතු දැවැන්ත ණය ප්‍රමාණය ගෙවා දැමීමකින් තොරව රට ඉදිරිට ගෙනයා නොහැකි බව සියළු පාර්ශව අවබෝධ කර ගත යුතු බවයි මෙහිදී අවධාරණය කළේ.
එම තත්ත්වයන් පිළිබද රජය වගකීමකින් කටයුතු කරන අතරම රටේ සංවර්ධන ව්‍යාපෘතිද බාධාවකින් තොරව පෙරට ගෙන යන බව ජේ සී අලවතුවල මහතා වධාරණය කළා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :