ඉම්රාන් ඛාන් අගමැති ධූරයේ දිවුරයි

පකිස්ථානයේ 22 වන අගමැතිවරයා වශයෙන් ඉම්රාන් ඛාන් මහතා අද දිවුරුම් දුන්නා.
ඒ පකිස්ථාන ජනාධිපතිවරයා ඉදිරියේදීයි.
වසර 22ක් පුරා දේශපාලනයේ නිරතවන ඔහු දූෂණයෙන් තොර පකිස්ථානයක් තේමාවෙනුයි මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ.
එහිදී ඉම්රාන් ඛාන් මහතාගේ පී ටී අයි පක්ෂය තනි පක්ෂයක් ලෙස වැඩි ආසන ගණනක් දිනාගත් අතර සුළු පක්ෂවල සහායෙන් මෙසේ නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා.
දිවුරුම්දීමේ උත්සවය සදහා ඉන්දියානුවන් 3න් දෙනකුට ආරාධනා කර තිබූ අතර ඉන් එම උත්සවයට සහභාගීව සිටියේ නවජෝත් සිං සිධූ මහතා පමණයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :