මහින්දව ජනපති සටනට ගේන්න ඒකාබද්ධය අධිකරණයට

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොහැකියාවක් නොමැති බවට ඉදිරිපත්ව ඇති නීති විශාරද මතයන් අනුව ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිඛෙනවා.

නීති විශාරදයන් කළ පුළුල් අධ්‍යයනයන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි බව පෙනී යන හෙයින් මෙම පියවර ගන්නා බවයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වර තරග කිරීමට හැකියාව ඇති වන්නේ නම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද තෙවැනි වරටත් තරග කිරීමේ අවස්ථාව ද හිමිවනවා.

මේ වන විට නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණය 2019 අගභාගයේදී කැඳවිය යුතු බවයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :