ජනාධිපතිවරණයට යළිත් පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදීත් එක්සත් ජාතික පෙරමුණ යටතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ නව සලකුණකින් මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මේ සදහා එක්සත් ජාතික පෙරමුණ යටතේ පක්ෂ රැසක් එක්වන අතර නිදහස් පක්ෂයද ඊට එක්කරගන්නා බව අමාත්‍යවරයා සදහන් කළා.
එම පුළුල් සන්ධානයේ පොදු අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් අවසන් වශයෙන් තීරණය කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :