ව්‍යවස්ථාවට අනුව මහින්දට එන්න බෑ / විජයදාසගෙන් තර්කයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපති මැතිවරණ පනතට අනුව දෙවතාවක් විධායක ජනාධිපති ධුරයට තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයට අනුව 20 වැනි ව්‍යවස්ථාවේ 01 වැනි අනු ව්‍යවස්ථාව මඟින් මේ රටේ දෙවතාවක් ජනාධිපති වූ අයකුට නැවතත් ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙය අනාගතයට බලපාන නීතියක් ලෙස ඉදිරිපත් වන තර්ක නිවැරදි වුවද අනාගතයේදී ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයා වන තැනැත්තා අතීතයේ එම තනතුර දෙවතාවක් දරා ඇත්නම් ඔහුට මෙම නීතිය බලපැවැත්වෙන බවයි විජයදාස රජපක්ෂ මහතා කියා සිටියේ.

මේ පිළිබද මතය විමසීමට හැකි එකම තැනැත්තා ජනාධිපතිවරයා වන අතර වෙනත් අයකු එවන් ඉල්ලීමක් සිදුකළහොත් ශ්‍රේෂ්ඨාධීකරණය එය ඉවත දමන බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

රටේ පවතින ජනාධිපති මැතිවරණ පනතේ 14 වැනි වගන්තිය අනුව යම් අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීමේදී ඔහුට හෝ ඇයට විරුද්ධව විරෝධතා එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් කරන තැනැත්තා තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීම සඳහා නොසුදුසුකමකට පත් නොවුණු බවට අවසානයේ දිවුරුමකින් අස්සන් කරනවා. යම් අපේක්ෂකයෙකු තමන් නුසුදුසු බව දැන දැනත් තුන්වැනි වතාවටත්, අපේක්ෂකත්වය ඉදිරිපත් කළොත් දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දෙන දිවුරුම බොරුවක්. ව්‍යාජ එකක්. මේවාගේ ව්‍යාජ දිවුරුමක් දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය යටතේ වසර තුනක හිරගතවීමකට යටත් වෙනවා

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :