කොලඹ මහ නගරසබාවේ නගරාධිපතා කාර්යාලයේ තැන්පත් කර තිබූ බුදු පිලිමය වත්මන් නගරාධිපතිනිය විසින් ඉවත් කළ බවට පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියන් සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සෝභිත හිමියන් එම ප්‍රකාශය සිදුකළ අවස්ථාවේදීම අදහස් දක්වමිනුයි.
තමන් කොලඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් මේ පිළිබද දුරකථනයෙන් විමසා සිටි බවත් ඇය එම බුදු පිළිමය පවතින බව ෆේස් බුක් ඔස්සේ ජායාරූපයක් යොමුකරමින් තහවුරු කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

 

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :