නොයාර් පැහැරගැනීම ගැන මහින්දගේ ප්‍රකාශය අධිකරණයට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය ලබාගත් ප්‍රකාශය අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.
පසුගිය 17 වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පාරේ පිහිටි නිවසේදීයි මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණේ. මේ අතර මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මෙහිදී නියෝග කෙරුණේ.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබද තීරණය එදිනට ප්‍රකාශ කරන බවද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සදහන් කළා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :