සංහිදියා කාර්යාංශය බුදු දහමට නිගා කළේ නැහැලු

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළ බවට සිදුකෙරෙන ප්‍රකාශ සාවද්‍ය බව දක්වමින් එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.
මේ එම නිවේදනයයි.

සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති නාට්‍ය මාලාවක් “රේඩියෝ කතා” නමින් රාජ්‍ය ගුවන්විදුලි සේවාවක් වන ITN FM (FM 93.5 / 93.7) ඔස්සේ අගෝස්තු 03දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වෙමින් පවතී.

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ තිර පිටපත් අනුව එහි අන්තර්ගතය මගින් ගුණ-ධර්ම මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය අමතක කිරීම නිසා සමාජයේ දක්නට ලැබෙන පිරිහීමත් ඇතුළුව සමාජයට අවශ්‍ය බොහෝ දෑ ගැන විචාරශීලීව හා ප්‍රායෝගික ලෙසින් කතිකාවකට භාජන කරන නිසා, කාර්යාංශය මගින් මෙය විකාශය සඳහා අනුග්‍රහය දැක්වීමට එකඟතාව පල කරන ලදී.

බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.

අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අවධානය සහ ක්‍රියාකාරකම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩනගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරුකරන, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමත්, පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව ඒ පිළිබඳ අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙළා දකිමු.

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලවට සවන්දී ඒ පිළිබඳ සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමු.

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර, එමගින් යමෙකුට සිත්තැවුලක් ඇති නොවිය යුතු නිසා විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට කටයුතු කරන්නෙමු.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :