කීත්නොයාර් නමින් මාධ්‍යවේදියෙකු සිටි බවට මතකයේ නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ සදහන් කර තිඛෙනවා.
ඒ කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ කැදවූ අවස්ථාවේදීයි.

කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශයේදී එම සිද්ධිය පිළිබද මතකයක් නොමැති බවට හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය සඳහන් කෙළේ ‘ප්‍රධාන සාක්කිකරුවන්ට අමතක වීමේ රෝගයක් සෑදී ඇති බවයි. මෙසේ සාක්කි වසන් වීමට හේතුව කුමක්ද යන්න කියා අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :