ශ්‍රී ලන්කන් සමාගමට ආයෝජකයින් සෙවීම අර්බුධයක

ඩොලර් බිලියනයක ණය සහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් ආයෝජකයකු සොයමින් සිටින බව සදහන් කරමින් බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය ලිපියක් පල කර තිඛෙනවා.
ඒ අනුව මීට අදාළව පාර්ශවයන් දෙකක් සමග සාකච්ජා කිරීමට ලබන වසරේ මුල් කාර්තුවේදී ආණ්ඩුව සූදානමින් පසුවන බවයි මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු වන මනෝ තිත්තවැල්ල මහතා සදහන් කර ඇත්තේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස්වලින් සියයට 44ක් 2010 වසර වන විට එමිරේට්ස් සමාගම සතුවූ අතර ඒ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලාභදායී මට්ටමක පැවතියා.
එහෙත් එවකරජය විසින් ගුවන් සේවයේ එමිරේට්ස් කොටස් පවරා ගැනීමෙන් පසුවයි මෙම අර්බුධකාරී තත්ත්වය මතුව ඇත්තේ.
කෙසේ වෙතත් මේ වන විට ඒ සදහා නව ආයෝජකයකු සොයා ගැනීම දැඩි අසීරු කරුණක් බවටද පත්ව තිඛෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :