බිළිදෙකුට අමුතුම නමක් දාලා / නම ඒෂියන් ගේම්ස්

දරුවකුට නම් තැබීමේදී දෙමාපියන් දැඩි සේ සැලකිලිමත් වනවා.
ඒ දරුවාට ගැලපෙන හොදම නාමයක් තෝරා ගැනීම සදහායි.
කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ උපත ලද දරුවකුගේ නම ඒෂියන් ගේම්ස් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ ඉන්දුනීසියාවේදී පැවැතිවෙන ආසියානු කුසලාන ක්‍රීඩා තරගාවලිය මුල්කර ගනිමිනුයි.
මෙම බිළිදාගේ දෙමාපියන් ක්‍රීඩාවට දක්වන දැඩි ලැදියාව හේතුවෙන් ඔවුන්ගේ බිළිදා අබිදා ඒෂියන් ගේම්ස් ලෙස නම් කිරීමටයි මෙසේ කටයුතු කර ඇත්තේ.
එය කෙතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නයක් මතුවුවද මෙම අපූරු නාමය හේතුවෙන් එම බිළිදා මේ වන විට ප්‍රසිද්ධ දරුවකු බවටයි පත්ව සිටින්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :