ලංකාවේ නගර 107 ක් දුම්වැටියට වැට බැදලා

දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී තිඛෙනවා.

දුම්වැටිවල බදු ප්‍රතිශතය සියයට 90 දක්වා ඉහළ නැංවීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් පසුගිය වසර 03 තුළ ගෙන ඇති අතර එහි ධනාත්මක සාධකයක් ලෙසයි මෙය හැදින්වෙන්නේ.
යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රික්කයේ නගර 17 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 16 ක් ඇතුලු සමස්ත දිවයින පුරාම නගර 107 ක දුම්වැටි අලෙවි කිරිම මේ වන විට තහනම් කර ඇති බවද අනාවරණයේ දැක්වෙනවා.
මේ පිළිබදව අදහස් දක්වන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන්නේ දුම්වැටි භාවිතය අවම කිරිම සදහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන ලද සහයෝගය අගය කරන බවයි. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කළ යුතු වන අතරම 2019 වසර වන විට දුම්වැටි අලෙවි නොකරන නගර සංඛ්‍යාව 200 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පල කරනවා.
7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :