උදර්පණ නීති බලතල ජනපති පවරා ගනී

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවැති උදර්පණ නීතිය හා ඊට අදාල කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා යටතට පත් කර ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තාවනවා.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමුද්‍රීය සංරක්ෂණයේ ආරක්ෂාවට එරෙහිව සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම පනත යටතට උදර්පණ නීතිය ඇතුළත් කර ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.

රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීම ‘‘උදර්පණය‘‘ ලෙස හදුන්වන අතර ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර් පෝල්) හරහා එම නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :