සුපිරි ඔ්වරයෙන් කොලඹ කණ්ඩායම දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් 20 යි 20 තරගාවලියේ 3 වන තරගයෙන් නුවර කණ්ඩායම පරදා තියුණු ජයක් වාර්තා කිරීමට කොලඹ කණ්ඩායම සමත්වුණා.
ඒ සුපිරි ඔ්වරයේදී තරගය ජය ගනිමින්.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොලඹ පිල පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.
යළි සාර්ථකවූ උපුල් තරංග ලකුණු 62යි.
ෂෙහාන් ජයසූරිය ලකුණු 63 යි.
චරිත් අසලංක හා ළහිරු ගමගේ කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම පන්දුවාර 20 තුල ලකුණු 188 ක් රැස් කරමින් ලකුණු සම කළේ කඩුලු 7ක් දැවී තිබියදීයි.
ළහිරු තිරිමාන්න ලකුණු 50 යි.
ෂෙහාන් ජයසූරිය කඩුලු 3ක් හා ජීවන් මෙන්ඩිස් කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව සුපිරි ඔ්වරයක් ක්‍රියාත්මකවූ අතර එහිදී නුවර ක්‍රීඩකයින් කඩුලු 2ක් දැවී රැස් කළේ ලකුණු 5ක් පමණයි.
ලකුණු 6ක ඉලක්කයක් හඹා ගිය කොලඹ ක්‍රීඩකයින්ද පන්දුවාරය තුල ලකුණු 5ක් රැස් කළේ එක් කඩුල්ලක් දැවී තිබියදීයි.
එහෙත් අඩු කඩුලු බිද වැටීම හේතුවෙන් තරගයේ ජය කොලඹ කණ්ඩායමට හිමිවුණා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :