ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව හෙට සිට

ප‍්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය   හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව හෙට එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතව තිඛෙනවා.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ චෝදනා යටතේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහි නඩුව මෙසේ විභාගයට ගැනීමට නියමිතයි.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙහි නඩු විභාග කිරීමට නියමිතව තිඛෙනවා.

විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛාධිකාරී උපුල් නන්දන මහතාට බාරදුන් අතර ඒ අනුව හෙට දින සිට මෙම අධිකරණයේ නඩු විභාග කිරීම සදහා නීතීමය අවසරය පවතිනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :