ලීග් තරගාවලියේ 4 වන තරගයෙන් දඹුල්ල දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ළීග් 20 යි 20 තරගාවලියේ 4 වන තරගයෙන් පහසු ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
ඒ ගාල්ල කණ්ඩායම ලකුණු 95 කින් පරාජයට පත් කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 179 යි.
අෂාන් පියන්ජන් ලකුණු 57 යි.
සධීර සමරවික්‍රම ලකුණු 47 යි.
ධනංජය සිල්වා හා කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 84 ක් පමණයි.
දිමුත් කරුණාරත්න ලකුණු 17 යි.
ධනුෂ්ක ගුණතිලක කඩුලු 4යි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :