පළාත් සභා මැතිවරණ නව ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට අදාළව හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සීමා නීර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට පක්ෂ කිහිපයක්ම තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවකු වන එක්සත් ජාතික පක්ෂය හා රජයේ පාර්ශ්වකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද මේ සදහා විරුද්ධවීමට තීරණය කර තිඛෙනවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම සීමා නීර්ණ කමිටු වාර්තාවට එරෙහිව ජන්දය භාවිතා කිරීමටයි තීරණය කර ඇත්තේ.ඒ අනුව මෙම වාර්තාව නිසැක ලෙසම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :