පළාත් 4කට, අද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන අතර වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ජනතාව අනතුරු වළක්වා ගැනීමට පියවර ගත යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *