මාස 2ට ආවා කල්ලියේ 38ක් අත්අඩංගුවේ

ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් 38 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
මෙම සැකකරුවන් හා යතුරු පැදි 4ක් ද කඩු 4ක් හා පොරවක්ද මාස 2ක කාලයක් තුල අත්අඩංගුවට ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
එමෙන්ම ආවා කල්ලිය මැඩපැවැත්වීම සදහා යාපනයේ විශේෂ පොලිස් මෙහෙයුම් සිදුවන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
ආවා කල්ලිය පසුපස දේශපාලනයක් පවතින බවට චෝදනා එල්ලවුවද ඊට අදාළ කිසිදු සාධකයක් මෙතෙක් හෙළිව නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර තිඛෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :