දේශපාලනික වුවමනා වෙනුවෙන් වැඩ වර්ජන ක්‍රියාත්මක කර ජනතාව පහසුතාවයට පත් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා දිය යුතු නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාවතගමදී පැවැති උත්සවයකට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විවිධ පිරිස් විසින් සැලසුම් සහගතව දිගින් දිගටම වර්ජනය මෙහෙයවූ අතර ඔවුන් දේශපාලන හස්තයන් විසින් මෙහෙයවනු ලබන බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
කෙසේ වෙතත් යහපාලන රජය මධ්‍යස්ථව ඒ පිළිබද සලකා බලා බොහෝ ඉල්ලීම් ඉටු කළද පසුගිය පාලනය තවදුරටත් පැවතියේ නම් වර්ජකයින්ගේ ඉරණම වෙනස්විය හැකිව තිබූ බවද ඔහු කියා සිටියා.
එබැවින් රජයක් ලෙස දිගින් දිගටම මෙම කුමන්ත්‍රණකාරී වර්ජන පිළිබද නිහඩ පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
ජනතාවගේ බදු මුදලින් යැපෙන රජයේ සේවකයින්ට ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට වගකීමක් ඇති අතරම බොහෝ රාජ්‍ය සේවකයින් විසින් එය ඉටු කරනු ලබන බවද ඔහු කියා සිටියා.
එහෙත් වෘත්තීන් කිහිපයක දේශපාලන ගැතිකම් කරන පිරිස් විසින් මෙසේ වර්ජන රැල්ලක් මෙහෙයවන බව හෙලිව ඇතැයිද අමාත්‍යවරයා සදහන් කර තිඛෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :