යෝජිත පළාත් සභා මැතිවරණය ගැන තීරණාත්මක ඡන්ද විමසීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ අනුව දැනට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැති නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණය කමිටු වාර්තාව සම්බන්ධයෙන් ජන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.

පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ඊට පෙර සීමානිර්ණය වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතු වනවා.

එහෙත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි මනාප ඡන්ද ක්‍රමයටද නැතහොත් නව මැතිවරණ ක්‍රමයටද යන්න ගැන ප්‍රධාන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නොපවතින අතර රජයේ හවුල්කාර පක්ෂ ගණනාවක නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන්, මනෝ ගනේෂන් සහ එ.ජා.ප.යද පැරණි මැතිවරණ ක්‍රමයට කැමැත්ත පළකර තිඛෙනවා.

ඒකාබද්ධ විපක්ෂයද මෙම වාර්තාවට එරෙහි බවයි අවධාරණය කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරැමය අලුත් ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව තරයේ ප්‍රකාශ කරනු ලබනවා.පොදු එකඟතාවකින් තොර මැතිවරණ ක්‍රමයට අදාළ සීමා නිර්ණය වාර්තාව මැතිසබා ඡන්ද විමසීමේදී පරාජය වුවහොත් පළාත් සභා මැතිවරණය ගැන ව්‍යාකූල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය වනවා.

එවන් තත්ත්වයක් තුළ නැවතත් පළාත් සභා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කොට මැතිවරණ ක්‍රමය ගැනද එකඟතාවක් ඇතිකර ගන්නා තුරු ඡන්දය පැවැත්වීම අත්හිටුවීමට සිදුවන බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :