ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව්දෙනා විශේෂ මහාධිකරණය විසින් අද ඇප මත මුදා හරිනු ලැබුවා.

ඒ සිද්ධියට අදාළ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම නඩුවට අදාළව විත්තිකරුවන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධියේ අනෙක් සැකකරුවන් වන්නේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ , හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර අයයි.

මූල්‍ය  චෝදනා සම්බන්ධයෙන් නඩු කඩිනම් කිරීම සඳහා පිහිට වු  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ  විභාග වන පළමු නඩුව මෙය වනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :