කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 158කින් වැඩි කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1696 ක්.
ජීවන වියදම් කමිටුව විසින් මෙම මිල සංශෝධනයට අවසර ලබාදී ඇත්තේ ගෑස් සමාගම් සිදුකළ ඉල්ලීමක් මතයි.
පසුගිය මාර්තු මාසයේදී ලෝක වෙළදපලේ ගෑස් මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 469ක් ලෙස පැවතියද එය මේ වන විට ඩොලර් 590ක් තෙක් ඉහළ ගොස් තිඛෙනවා.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් වැඩි කළ අතර ජුනි මාසයේදී රුපියල් 138කින් පහත දමනු ලැබුවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :