තවත් භාණ්ඩ 200කට අළුතෙන් වැට් බදු

මෙතෙක් (වැට්) බදු පනවා නොතිබූ භාණ්ඩ වර්ග 200කට පමණ වැට් බදු පනවමින් මුදල් අමාත්‍යංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.ඒ අනුව අදාළ භාණ්ඩවල මිල ගණන් ඉහළ යනු ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.

රෙදි පිළි, නූල්, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ඔරලෝසු,  ඇස් කණ්ණාඩි, විදුලි උපකරණ, කැමරා, පැල, මල්වර්ග, ප්ලාස්ටික් නිෂ්පාදන ආදී භාණ්ඩ වර්ග 200ක් මෙසේ වැට් බද්දට යටත් කර තිඛෙනවා.
එම භාණ්ඩවලට පැනවෙන්නේ 15%ක වැට් බදු ප්‍රතිශතයක් වන අතර ඊට අදාළව ශ්‍රී ලංකා රේගුවේ අංක 1264 දරණ චක්‍ර ලේඛනය මේ වනවිටත් නිකුත් කර තිඛෙනවා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :