ලබන ජනවාරියේ ජනපතිවරණයකට සාකච්ජා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර එකගතාවයක් ඇති කර ගත හැකි වුවහොත් ලබන වසරේ ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ පැහැදිලි අවස්ථාවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
මීට අදාළව තීරණාත්මක රහසිගත සාකච්ජා මේ වන විටත් සිදුවන බවද එම වාර්තා හෙළි කරනවා.
නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම විසින් මීට අදාළ යෝජනා ඉදිරිපත් කර තිබූ අතර මැතිවරණ ජයකින් පසු තනතුරු ඛෙදා ගැනීම ආදිය පවා මෙහිදී සාකච්ජාවට ලක්ව ඇතැයි සදහන්.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ විසින් නිදහස් පක්ෂයෙන් තොර ගමනක් යාමේ සූදානමකින් පසුවන බැවින් නිදහස් පක්ෂයේ උත්සාහය ව්‍යාර්ථ වනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.
එසේ වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ තීරණාත්මක සාධක වනු ඇතැයිද එම වාර්තා අනාවරණ කරනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :