වයඹ පළාත නියෝජනය කරන එක්තරා ප්‍රබල දේශපාලනඥයකු මේ දිනවල රාජයෝගයක් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් පසුවන බව වාර්තාවනවා.
වාර්තා හෙළිකරන්නේ පසුගිය සමයේ පිල් මාරුවීම් රැසක්ද සිදුකළ මෙම දේශපාලන චරිතයට රටේ නමගිය දෛවඥයකු විසින් රාජයෝගයක් ගැන දැනුම්දී ඇති බවයි.
ඒ නිසාම රටේ දෙවන පුටුවට ලගාවීමේ හැකියාව ඇති බැවින් දහයට වැඩි විස්සට අඩු කණ්ඩායම් සමග නොයා සිටින තැනම සිටින ලෙසයි මෙම දේශපාලනඥයාට දෛවඥයා දැනුම්දී ඇති බව දැක්වෙන්නේ.
ඒ නිසා රාජයෝග අනාවැකිය සඵල කර ගැනීමට මෙම දේශපාලක චරිතය මේ දිනවල සිය ආසනයෙන්ම කටයුතු ආරම්භ කර ඇති බවද කියවෙනවා.
කෙසේ වෙතත් මෙම අනාවැකිය සඵල කර ගැනීමට තිබූ පැහැදිලිම අවස්ථාවක් 2015 ට පෙර සිදුකළ පිල් මාරුවක් හේතුවෙන් ඔහුට අහිමිවූ බවයි දේශපාලන විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :