ශ්‍රී ලංකා ක්‍රිකට් 20 යි 20 ලීග් තරගාවලියේ අඛණ්ඩව 4 වන ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ ගාල්ල කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල පිල පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 131ක් රැස් කළා.
ධනංජය සිල්වා ලකුණු 44යි.
කුසල් මෙන්ඩිස් ලකුණු 36 යි.
අකිල ධනංජය ලකුණු 28ට කඩුලු 3යි.
කොලඹ කණ්ඩායම පන්දුවාර 16 කදී කඩුලු 3ක් දැවී ලකුණු 134ක් ලබමින් තරගය ජයගත්තා.
උපුල් තරංග ලකුණු 81 යි.
දිනේෂ් චන්දිමාල් ලකුණු 38 යි.
කසුන් රාජිත කඩුලු 2යි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :