බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගෙන්වීමට තීරණය කළ රුපියල් 640,000 බැගින්වූ ආසන විරෝධතා නොතකා ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බෙල්ජියමෙනුයි.
මේ යටතේ ආසන 135ක් ගෙන්වීමටයි තීරණය කර ඇත්තේ.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ විරෝධතා පැවතියද මෙම ආසන ගෙන්වීම සිදුකරමින් පවතින බවයි.
මෙම පුටුවක සැබෑ මිල රුපියල් ලක්ෂ 2ක් වන අතර ඉතිරි 440,000 ක මුදල රජයට ගෙවිය යුතු ආදායම් බද්ද වන බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව මෙම ආසන ගෙන්වීමට වැය වන මුදල රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වන අතර තවත් රුපියල් කෝටි 6ක බදු මුදලක් රජයට අහිමි වනවා.
මෙම ආසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති ආසන වන බවයි ප්‍රකාශ වන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :