උදාවූ සතියේ ඔබේ ලග්න ඵලාපල මෙතනින් කියවන්න.

මේෂ

ලග්නාධිපති කුජ දහවැන්නේත් සඳු එකොළහේත් බුධ සමග රාහු හතරේත් රවි පහේ හා ගුරු හතේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායක බව පෙනේ. සතිය මුලදී ගෙදර දියුණුව වෙනුවෙන් කරන කටයුත්තක් සාර්ථක කරගත හැකිවේ. රැුකියා හා ව්‍යාපාර අංශවල තත්ත්වය සතුටුදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සතුටුදායක ප‍්‍රතිඵල ලැබේ. ව්‍යාපාර සඳහා යොදවන මුදල්වලින් ලාබ ලැබේ. ණය දීමට සුදුසු කාලයක් නොවේ. බිරිඳ හෝ සැමියාට සුබයි. මේෂ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. අසනීපයන් වෙනුවෙන් අමතර මුදලක් වැය කරන්නට සිදුවිය හැකියි.

සුබ පාට රෝස – සුබ අංකය 3.

වෘෂභ

සිකුරු පස්වැන්නේද සඳු දහයේ හා කුජ නමයේද රවි හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබා සුබ මිශ‍්‍රපලදායක බව පෙනේ. රැුකියාව හෝ දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර ගමන් බිමන් යෙදේ. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා පවතී. එවැනි කටයුතු තරමක් කල් දැමීමට සිදුවේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජන කළ යුත්තේ ප‍්‍රවේශමිනි. ආයෝජනවලින් පාඩු සිදුවීමට ඉඩ තිබේ. දරුවකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. පෙම්වතුන්ට අපලයි. ශනි දශා ගත කරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.

සුබ පාට – සුදු සුබ අංකය 02.

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ රාහු සමග දෙවැන්නේද රවි තුන්වැන්නේද සිකුරු හතරේ හා සඳු නමයේද ගමන් කරමින් උදාවන සතිය බොහෝදුරට සුබයි. උත්සාහය ධෛර්ය වැඩිවේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෑමට අවස්ථා උදාවේ. නීතිමය අංශවල පිහිට ලැබේ. අසල්වැසියන් සමග සුහදතාවය වර්ධනය වේ. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචි ලැබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද සුබයි. කුජ කේතු දශා ගත කරන අය හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න.

සුබ පාට ලාකොළ සුබ අංකය 4.

කටක

සඳු අටවැන්නේද බුධ, රාහු ලග්නයේද, රවි දෙවැන්නේ සහ ගුරු පස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේ සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇති කරන බව පෙන්වයි. ආදායම් සතුටුදායක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අයගේ උදවු ලැබේ. උසස් අය හඳුනාගැනීමට ද අවස්ථා උදාවේ. ගෘහ ජීවිතය සුබදායකයි. සතිය මැදදී ආගමික කටයුත්තකට සහභාගී වීමට ඉඩ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාරවලට සුබයි. ව්‍යාපාර හා රැුකියා සඳහා සේවක සහයෝගය ලබා ගත හැකිවේ.

සුබපාට කහ/තැඹිලි සුබ අංකය 5.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි බලවත්ව ලග්නයේද සඳු හතේද බුධ සහ රාහු දොළහේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. ඇසුරු කරන්නන් අතර ඔබ පිළිබඳව පිළිගැනීමක් ඇතිවේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. රැුකියා අවස්ථා උදාවේ. රැුකියා හා ව්‍යාපාර අංශවල උසස් අයගේ උදවු උපකාර ලැබේ. විදේශ රැුකියා පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගැනීමට කරුණු යෙදේ. මේ අතර වියදම් ඉහළ යන බව පෙන්වයි. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. වියදම් පාලනය කර ගන්න. අධ්‍යාපන කටයුතු මිශ‍්‍රලදායකයි. අලස බව හා වැඩ කල් දැමීම නිසා අධ්‍යාපනයට බාධා විය හැක.

සුබ පාට රෝස සුබ අංකය 3.

කන්‍යා

ලග්නාධිපති බුධ රාහු සමග එකොළහේ ද රවි දොළහේ හා සිකුරු ලග්නයේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායක බව පෙනේ. ගෙදර මවුපියන් හෝ වැඩිහිටියකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකියි. දුර ගමන් යෙදේ. විදේශ ගමනක් යෑමට තිබූ බලාපොරොත්තුවත් සාර්ථක කරගත හැකිවේ. විදේශ රැුකියා ලාභ ලැබේ. දරුවකුගේ දක්‍ෂතාවයන් ගැන අසන්නට ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට තරමක බාධා පවතී. විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවීමටද ඉඩ තිබේ. ආදායම් සතුටුදායකයි.

සුබපාට ලාකොළ සුබ අංකය 4.

තුලා

ලග්නාධිපති සිකුරු දොළහේද රවි එකොළහේද, බුධ සහ රාහු දහයේද කුජ හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබාසුබ මිශ‍්‍රපලදායක බව පෙනේ. තුලා හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැක්කේ විනෝදයට බර වීමෙනි. උසස් අයගේ උදවු උපකාර ලැබේ. රැුකියා හා ව්‍යාපාරවල දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජන කළ යුත්තේ ප‍්‍රවේශමිනි. දරුවන්ට සුබයි. රැුකියා නැති අයට රැුකියා අවස්ථා උදාවේ. තනතුරුවල උසස්වීම්වලට කරුණු යෙදෙන්නට පුළුවන. නීතියේ පිහිට ලැබේ.

සුබ පාට ලා කොළ සුබ අංකය 4.

වෘෂ්චික

ලග්නාධිපති කුජ උච්චව තුන්වැන්නේ ද රවි දහයේද ශනි දෙවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතියේ බාල සහෝදරයකුට සුබදායකයි. සහෝදරයින් සමග පැවැති අමනාපකම් දුරුවේ. සුහදතාවය වර්ධනය වේ. ගෘහ ජීවිතය සුබයි. උත්සාහය, ධෛර්යය නොඅඩුව පවතින නිසා බොහෝ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකිවේ. ප‍්‍රයෝජවත් ගමන් බිමන් යෑමට ලැබේ. රජයේ උසස් අයගේ මෙන්ම නීතිමය අංශවලද උදවු ලැබිය හැකිවේ. රැුකියා බලාපොරොත්තු සාර්ථක වේ. මේ අතර වියදම් තරමක් ඉහළ යන බවද පෙනේ. පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. තැන්පත් මුදලක් වියදම් වීමට පවා ඉඩ තිබේ.

සුබ පාට සුදු සුබ අංකය 2

ධනු

ඔබේ ලග්නාධිපති ගුරු එකොළහේද රවි නමයේද බුධ සමග රාහු අටේද සඳු තුන්වැන්නේ ද ගමන් කරන අතර සෙනසුරු ලග්නයේ ගමන් කරමින් මෙම සතිය ආරම්භ වේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට යහළු යෙහෙළියන්ගේ උදවු ලැබේ. ආදායම් ද සතුටුදායක බව පෙනේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. විභාගවලින් සමර්ථ වේ. ධනු ලග්න හිමි ව්‍යාපාරිකයන්ට තරමක බාධා ඇති බව පෙනේ. සේවක සේවිකාවන්ගේ ගැටලූ හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. දරුවන්ට සුබයි. විනෝදාංශවලට අනවශ්‍ය වියදම් සිදුවිය හැකිය.

සුබ පාට කහ, තැඹිලි සුබ අංකය 5.

මකර

රවි අටවැන්නේද ශනි දොළහේද කුජ සමග කේතු ලග්නයේද සඳු දෙවැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායකයි. විදේශ ගමන් ගැන තිබූ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට ඉඩ ලැබේ. චින්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතින නිසා බාධා ජය ගත හැකිවේ. බිරිඳ හෝ සැමියාට හදිසි ධනයක් ලැබීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සහෝදරයකුගේ රැුකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනාවලට තරමක බාධා පවතී. පෙම්වතුන්ට තරමක් අපලයි. මුදල් අයෝජනය කිරීම කළ යුත්තේ ප‍්‍රවේශමිනි. දරුවකු නිසා අමතර වෙහෙසක් දරන්නට සිදුවේ.

සුබ පාට සුදු, සුබ අංකය 2

කුම්භ

රවි හත්වැන්නේද ලග්නාධිති ශනි එකොළහේද සඳු ලග්නයේ හා සිකුරු අටවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා රැුකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. සතුරු කරදරයන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලට සුබ දායකයි. නීතිමය ගැටලූවකට විසඳුම් ලැබේ. වාසි අවැසි නොබලා තීරණ ගැනීමට පෙළඹේ. විනෝදය නිසා දියුණුවට කරන කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. පෙම්වතුන්ට අපලදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලටද බාධා ඇති බව පෙනේ. සිකුරු දශා විශේෂයි.

සුබ පාට නිල් – සුබ අංකය 7

මීන

ලග්නපති ගුරු අටවැන්නේද රවි හයේද සඳු දොළහේ සහ කුජ එකොළහේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී දරුවකුගේ විදේශ ගමනක් සාර්ථක වීමට ඉඩ තිබේ. නැතහොත් දරුවකු නිසා අමතර වියදමක් දරන්නට සිදුවේ. අවිවාහක අයගේ මංගල යෝජනාවලට බාධා පවතී. බිරිඳ හෝ සැමියාට අපලදායකයි. හවුල් ව්‍යාපාරවලට සුබ කාලයක් නොවේ. සහෝදරයකුගේ ජය ග‍්‍රහණයක් ගැන අසන්නට ලැබේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ආදායම් සතුටුදායකයි. උසස් අයගේ උදවු ලැබේ. ගුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.

සුබපාට රෝස, සුබ අංකය 3.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
0352232084, 0771234313 í

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :