

සෞදියේ රියාද් නුවරට මිසයිල ප්රහාර මාලාවක් එල්ල වූ බවත්, සෞදි ගුවන් හමුදාව එම මිසයිල උඩු ගුවනේ දී පුපුරුවා හැරිය බවත් එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
මිසයිල ප්රහාර එල්ල කළේ යේමනයේ සෞදි විරෝධී, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් යැයි පැවැසෙයි. හවුති කැරැලිකරුවන් මීට පෙර ද සෞදියට මෙසේ මිසයිල ප්රහාර එල්ල කර තිබේ.
මිසයිල ප්රහාරය හේතුවෙන් රියාද් ගුවන්තොටුපොළේ ගුවන්ගමන් කටයුතු තාවකාලිකව නැවැත්වීමට ද බලධාරීන් පියවර ගත් බව පැවැසෙයි. මිසයිල ප්රහාරවලින් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත. රියාද් නුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්රහාර එල්ල කළේ යැයි හවුති කැරැලිකරුවන් කිසිවක් පවසා නැත.
රියාද්හිදීය (ඒ.එෆ්.පී.)
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්රතිකාර ලබන
445