ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද  නේපාලයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතයි.

ඒ බෙංගාල බොක්ක ආශ්‍රීත කලාපීය රටවල තාක්‍ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් හතර වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහායි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ බෙංගාල බොක්ක සමකාමී සශ්‍රී ක සහ තිරසර කලාපයක් බවට පත් කිරීම යන්නයි.

එම සමුළුවට සමගාමීව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි සහ නේපාල ජනාධිපතිනි බිද්‍ර්‍යා දේවි බණ්ඩාරි යන මහත්ම මහත්මීන්ද හමුවීමට නියමිතව ඇති අතර ලුම්බිණි නුවර නැරැඹීමේ සංචාරයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බව සදහන් වනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :