Skip to content

ජාතික රෝහලට කුණු ප්‍රශ්නයක්

ශී‍්‍ර ලංකා ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව ඉවත දමන ද්‍රව්‍ය ඇතුලත් කසල ජාතික රෝහල් භූමියෙන් ඉවත් නොකර ගොඩගසා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.එම සංගමය ලිපියක් යොමුකරමින් පවසන්නේ මේ හේතුවෙන් ගැටළු රැසක් ඇතිවිය හැකි බවයි.

ශී‍්‍ර ලංකා ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව විශාල සායනික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉවතලයි. ඒවා අතර බඩවැල් කොටස්, ඇඟිලි කොටස්, මස් වැදලි, ලේ, සැරව සහ දේහ තරල (Body Fluids) තැවරුණු ගෝස්, පුළුන් ආදිය වේ. එසේම, වාට්ටු සහ ශල්‍යාගාරවලින් ඉවත් කරන ඉදිකටු, බ්ලේඞ් ආදී බොහෝ දේ වෙති.

මේවා දෛනිකව රෝහල් පරිසරයෙන් ඉවත් කර, ආරක්‍ෂිතව පුළුස්සා දැමීම කරනු ලැබේ. නමුත්, පසුගිය මාසයක පමණ කාලයක සිට කිසියම් බාහිර ගැටලූවක් නිසා මෙම සායනික අපද්‍රව්‍ය ජාතික රෝහලේ National Epilepsy Building (ජාතික අපස්මාර ගොඩනැගිල්ල) පිටුපස ගොඩගසා තිබේ. මේ වන විට ටොන් ගණනාවක අපද්‍රව්‍ය මළු දහස් ගණනක් ගොඩගසා තිබෙන ආකාරය දැකගත හැක. මේ තත්ත්වය රෝහලේ පරිසරයට සහ එහි වෙසෙන කාර්ය මණ්ඩලය හා රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ. මෙහි දුගඳ ඒ අවට පැතිර යමින් තිබේ. එසේම සතුන් විසින් අපද්‍රව්‍ය පරිසරයට මුසුකරමින් ඇත. තවද, වැසි ජලය සමග සායනික අපද්‍රව්‍ය කාණු පද්ධතියට මුසුවීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. මේවා අවසානයේ පොදු ජල ප‍්‍රවාහයන්ට එකතු වීම සිදුවේ. මේ නිසා බරපතල රෝග බෝවීමේ අනතුරක් මතුවෙමින්ඇති බව පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය පිළිබඳ රෝහල් බලධාරීන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ඇමතිවරයාත් දැනුවත් කර ඇති බව දැනගන්නට ඇත. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ දක්වා මෙම බරපතල ගැටලූව විසඳීම සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන වගකිව යුතු අමාත්‍යාංශයක් සහ එහි ඇමතිවරයා මෙසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් ලෙස අපගේ අප‍්‍රසාදය පළකරන අතර, ඇතිවෙන්නට යන භයානක අනතුරින් රෝගීන් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීම අරමුණු කරගනිමින් මේ පිළිබඳ ජනමාධ්‍යය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

එච්.එම්.එස්.බී. මැදිවත්ත
වැඩබලන සභාපති
සමස්ත ලංකා හෙද සංගමය
22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :