දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වධ-හිංසා විදිමින් සිටි කළණ හස්තියා දේවාලයට පැවරීමට අදාළ සන්නස් පත්‍රය ඇතුළු සියලු ලිපිලේඛන අතුරුදන් වී ඇතැයි දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

1989 වසරේදී ජනපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සන්නස් පත්‍රයක් මගින් කළණ හස්තියා මේ දේවාලයට භාර දී ඇත. එම වසරේ සිට 2018 වසර දක්වා හස්තියාට අදාළව දේවාලයේ පැවතිය යුතු සෞඛ්‍ය වාර්තා ඇතුළු සියලු ලිපි ලේඛන අතුරුදන්ව තිබීම බරපතළ කරුණක් බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීන් පවසන්නේ දේවාලයට භාර කළ හස්තියාට අදාළ ලිපිලේඛන නිසිපරිදි නඩත්තු නොකිරීම පිළිබඳව දේවාලයේ බස්නායක නිලමේවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :