මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඊයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් වනෝද්‍යානය වසා දමා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පිරිසක්  ඇල්ලීමට වනජීවි නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තුවාල ලැබූ වන ජීවී නිලධාරීන් කිහිප දෙනෙකු හබරන රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ වන විට වනෝද්‍යානය සාමාන්‍ය පරිදි විවෘත  කර පැවතියද අදාල නිලධාරින් සේවය වාර්තා කිරීමේ ගැටළුවක් පවතින බවයි අමාත්‍යාංශ නිලධාරියකු ප්‍රකාශ කළේ.  ඊයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වනජීවී නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටිනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :