පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වත්කම් සහ බැරකම් ඉදිරිපත් නොකිරිමට එරෙහිව ඇති නඩු තුනක් සඳහා සාක්ෂි දීමට හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට නොවැම්බර් 13 වනදා අධිකරණයේ පෙනී සිටිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිඛෙනවා. 

සාක්ෂිකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා අධිකරණය හමුවට කැඳවන ලෙසට නොතීසි නිකුත් කරන ලෙස විත්තියේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි මෙම කැදවීම සිදුකර ඇත්තේ.එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට නොවැම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළා.

පසුගිය රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු ඉදිරිපත් කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :