

තවත් ප්‍රදේශ දෙකක් අද (25) උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා කර තිබෙනවා.
මේ අතර කල්මුනේ ග්‍රාම සේවා වසම් 10ක් හුදකලා බවින් ඉවත් කරන බවයි රජෙය් ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476