කොළඹ ජාතික රෝහලේ එක්රැස් වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම අද (29) ආරම්භ වුණා. මෙම සායනික අපද්‍රව්‍ය මසක කාලයක් එක්රැස් කර තිබුණේ ජාතික රෝහලේ අපස්මාර රෝග අංශය පිටුපසයි.

ජාතික රෝහලෙන් බැහැර කෙරෙන රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් රෝහල් සේවකයන් සහ රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියා.

කොළඹ ජාතික රෝහලේ සායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම සිදුවුයේ පෞද්ගලික ආයතනයක් මගින් වන අතර, බැහැර කිරීම සිදුවුයේ මුලේලේරියාව ප්‍රදේශයටයි.

මෙම ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ තර්ජන හේතුවෙන් එය නතර කිරීමට පියවර ගෙන තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :