දරුවකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් හානිවූ ගලහ රෝහල තාවකාලිකව වසා දමා තිඛෙනවා. මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්තිනී සමරසිංහ මහත්මිය සදහන් කළේ මෙහි සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනා පළාත් සෞඛ්‍ය කාර්යාලයට මාරුකර ඇති අතර සෙසු කාර්ය මණ්ඩලය  ගලහ රෝහලට ආසන්න දෙල්තොට රෝහලට අනුයුක්ත  කර ඇති බවයි.

දෙල්තොටවත්ත  ගම්වාසීන්ගේ පහරදීමෙන් වෛද්‍යවරුන්ගේ මෝටර් රථ දෙකකටද අලාබ හානි සිදුවී තිබුණා.
මියගිය දරුවාගේ මවුපියන් චෝදනා කර සිටියේ දරුවාට ප්‍රතිකාර නොකිරීම නිසා ඔහු මියගිය බවයි.
දහසකට අධික පිරිසක් රෝහල වටකර පහරදීම නිසා ඇතිවූ කලබලය මැඩපැවැත්වීමට අවට පොලිස් ස්ථාන  දහයකින් පමණ භට පිරිස් කැඳවනු ලැබූ අතර විශේෂ කාර්ය බළකාය සමග කැරලි මර්දන හා ජල ප්‍රහාරක රථද කැඳවා තිබුණා.

දරුවාගේ පියා වන එස්. සංකර් මහතා පැවසුවේ රෝහලට ඇතුළත් කළ දරුවා පිළිබඳව වෛද්‍යවරුන් නිසි සැලකිල්ලක් නොදැක්වූ බවයි. වෛද්‍යවරුන් පාටියක් ගැන කතා කරමින් සිටින විට  දරුවා පේරාදෙණිය රෝහල වෙත ගෙන යාමට ගිලන් රථය ඉල්ලුවද එය ද ඉටු නොවූ නිසා ත්‍රිරෝද රථයකින් දරුවා පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් සංකර් මහතා සදහන් කළා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :