ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලන විද්වත් කමිටුව අද රැස්වුණා.

ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කමිටුව පත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම සම්බන්ධව පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි.

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් හය දෙනෙකුගෙන් යුත් මෙම විද්වත් කමිටුව මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට නියමිතයි.  පුවත් පත්වල පළ කළ දැන්වීමකින් පසු කමිටුවේ ඉදිරි අදහස් ප්‍රකාශ කරන පිරිස් සඳහා වේලාව ලබා දී තිබෙනවා.  මේ අනූව අද දින 24 දෙනෙකු මේ පිළිබද අදහස් පළ කරනවා.  විද්වතුන්, ස්වෙච්ජා සංවිධාන නියෝජිතයින්, දේශපාලනඥයින් මේ අතර සිටින බවයි, එහි සභාපතිවරයා කියා සිටියේ.

අද සිට දින තුනක් අඛණ්ඩව මෙය පැවැත්වෙනවා.  මාස දෙකක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාව ජනාධිපතිතුමා වෙත ලබා දිය යුතු බව, එහි සභාපතිවරයා කියා සිටියා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :