හෙට (01 දා) සිට සැප්තැම්බර් 08 දක්‌වා කාලය තුළ මාර්ග 497 ක වලංගු බලපත්‍ර සහිත පෞද්ගලික බස්‌රථ 5700 ක්‌ පරීක්‌ෂාවට ලක්‌කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසනවා.
ඒ අනුව පුද්ගලික බස් රථ ඉලක්ක කර ගනිමින් මෙම හදිසි වැටලීම් සිදු කිරීමට නියමිතයි.

මගීන්ගෙන් ලැබුණු වැඩිම පැමිණිල්ල තමයි සමහර මාර්ගවල පෞද්ගලික බස්‌ රථ කාලසටහනකට අනුව ධාවනය නොවන බව. අනික්‌ එක තමයි ගමනාන්තයට අදාළ ටිකට්‌පත් නිකුත් නොකිරීම. ඒවගේම ඉතිරි මුදල් නොදීම සහ සවස 6.00 න් පසු බස්‌ නොමැතිවීම. මේ පැමිණිලි සැලකිල්ලට අරන් තමයි සැප්තැම්බර් 01 වැනිදා සිට 08 වැනිදා දක්‌වා කාලය තුළ මාර්ග 497 ක පෞද්ගලික බස්‌ රථ පරීක්‌ෂාවට ලක්‌කරන්නේ.

මගීන්ට හොඳ ප්‍රවාහන සේවාවක්‌ ලබාදීමේ අරමුණින් තමයි මෙය සිදුකරන්නේ. මේ සඳහා බස්‌නාහිර පළාත් ප්‍රවාහන අධිකාරි කාර්යාලයට අයත් ප්‍රාදේශීය කාර්යාලයට අයත් සේවකයන් යොදවා සෑම බස්‌ රථයක්‌ම මේ කාලසීමාව තුළ දෛනික ධාවනය වෙන්න ඕන. 08 වැනිදායින් පසුවත් එය සිදුවිය යුතුමයි. අපේ බලාපොරොත්තුව මේ සියලු බස්‌රථ නියමිත කාලසටහනකට අනුව ධාවනය විධිමත් කරන්නයි.

මේ බස්‌ රථ නියමිත කාලසටහනක්‌ අනුව ධාවනය වෙන්නේ නැහැ කියලා මගීන්ගෙන් පැමිණිලි ආවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පැමිණිලි 0115559595 ට කියන්න කියලා මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :