බදුල්ල දෙමළ මහා විදුහලේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝම්බර් 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

බදුල්ල දෙමළ මහා විදුහලේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මියව දණගස්වා අමානුශික අන්දමින් බැණ වැදුණු බවට චෝදනා කරමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සම අද බුවනෙක අලුවිහාරේ සහ එල් .ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

පෙත්සමේ වගඋත්තරකරුවෙකු වු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතිඥවරයා කියා සිටියේ තමන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති සෙසු වග උත්තරකරුවන් වෙතට නොතීසි යවන නිකුත්ලෙ කිරිමට විනිසුරු නියෝග කළා. ඉන් අනතුරුව පෙත්සම සලකා බලන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස එකොළොස් වන දාට කල් තැබුවා.

විදුහල්පතිනිය කියා සිටින්නේ ආධාර කරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මත තමන්ව ප්‍රධාන ඇමතිවරයා විසින් නිල නිවසට ගෙන්වා දණගස්වා අමානුශික ආකාරයෙන් සැලකීම්වලට භාජනය කළ බවයි.

මෙයින් මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කාර විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :