බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නියම වු වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන්නා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට අගෝස්තු 8 වන දා වසර 19 ක සිර දඬුවමක් නියම කළ එය වසර හයකින් ගෙවී යා යුතු බවටයි අභියාචනාධිකරණය නියම කළේ.

එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. එම කරුණු දැක්වීම තුළින් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළා.

ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කළා. ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඤානසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි දැනුම් දුන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :